කෝවිඩ් 19 වසංගතය විසින් ලෝකය සහ මිනිස් ජීවිතය තුළ ඇති කරන පරිවර්තනයන් ගේ ස්වභාවය වටහා ගැනීමට කොපමණ කාලයක් ගත වනු ඇති ද යන්න තවමත් නිර්ණය කල නොහැකි ය. කෙසේ වුවත්, මෙය ඉතිහාසය තුල ඉතා දුර්ලභ වන, යුගයක ස්වරූපය වෙනස් කලහැකි ආකාරයේ ප්‍රභල විභවාත්මක සිදුවීමක් බව තේරුම් ගැනීම අසීරු නැත. එම නිසා, මේ මොහොතේ අප අත්විඳිමින් සිටින මේ දුලබ හා බෙහෙවින් ගැටලුකාරී අත්දැකීම මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පර්යාවලෝක ඔස්සේ සිතියම්ගත කිරීමට උත්සාහ කිරීම අප විසින් මග නොහැරිය යුතු ව්‍යායාමයකි.
වසංගතයට එරෙහි විවිධ සමාජයීය හා පුද්ගල භාවිතයන් ඔස්සේ දැඩි ලෙස වෙනස් වූ ‘එදිනෙදාබවේ’ විවිධ ස්වරූප සේම, දුරස්ථකරණය හා අඩස්සිගතකිරීම ඔස්සේ අහිමි වන සමාජයීය ජීවිතය විවිධාකාරයෙන් යලි සොයා ගැනීමට දරණ උත්සාහයන් ද අනාගතයේ දී පැමිනීමට නියමිත සමාජ පරිවර්තනයේ බීජ දරා සිටිනවා විය හැකි ය. එසේම, ජාතික රාජ්‍යයන් ගේ සහ පාලනයේ ස්වරූප වෙනස් විය හැකි ආකාරය පිලිබද ඉඟි මේ මොහොතේ දී ගෝලීය හා දේශීය කෝවිඩ් මර්ධන ක්‍රියාමාර්ග දෙස බැලීමෙන් වටහා ගත හැකි ය. පළමු හා දෙවන ලෝක යුද්ධ වැනි සමාජ ව්‍යසනයන්ගෙන් පසු සිදුවන ඥාණවිභාගාත්මක ඛන්ඩන සේම, සමාජ-සංස්කෘතික, දේශපාලනික හා ආර්ථික පරිවර්තන ගැන ඉතිහාසය සාක්ෂි දරයි. මේ නිසා, ලෝක යුද්ධවලටත් වඩා ලෝකය පුරා පැතිරුණු සමාජ ව්‍යසනයක් වන කෝවිඩ් වසංගතය මගින් සලකුණු කරන මෙම ඓතිහාසික කාලය හා ඉන් ඔබ්බෙහි ඇති ලෝකය මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා ඔස්සේ රාමුගත කිරීමට උත්සාහ කිරීම මෙම පඨිත විශේෂ කලාපයේ අරමුණයි.
මේ සදහා ගොලීය හා දේශීය සන්ධර්භ ආශ්‍රයෙන් ලියූ, වචන 3000 ඉක්මවා නොයන කෙටි රචනා අප වෙත යොමු කළ හැක. මේ රචනා ලිඛිත හෝ චායාරූ රචනා විය හැක. ඒවා පහත දක්වා ඇති පුලුල් තේමා ඔස්සේ සංවිධානය කළ හැක:
1. ජනවාර්ගික ජාතිකවාදයන්ගේ ස්වභාවය
2. අධිකාරීවාදයේ නැගීම සහ ප්‍රති-අර්ථකතන / .මානව අයිතිවාසිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය
3. වැඩ, රැකියාව සහ ජීවනෝපාය භාවිත පිළිබඳ අදහස වෙනස්වීම/ ප්‍රති-අරුත්ගැන්වීම
4. ශ්‍රමය සහ ස්පර්ශය පදනම් වූ ශ්‍රමිකයාගේ ඉරණම
5. ආගම පිළිබඳ අදහස
6. කලාව සහ එහි නව මාන
7. සමාජ මාද්‍ය භාවිතය තුළ මතකය (ආත්මීය හා සමාජයීය) පිළිබඳ අදහස
8. සයිබර් සාමාජීයත්වයේ නව මාන
9. ගෝලීය, දේශීය සහ කලාපීය දේශපාලන ආකෘති නැවත කියවීම
10. ජෛව දේශපාලනයේ පරිවර්තන සහ විද්‍යාව හා එහි දේශපාලනය
11. ස්පර්ශය සහ දුරස්ථ භාවය
12. විවේකය
13. කෝවිඩ් සහ හාස්‍යය
14. පවුල හා ගෘහස්ථය පිළිබඳ අත්දැකීම
15 මානව ජීවිතය හා ස්වභාවධර්මය
රචනා බාරගන්නා අවසන් දිනය: 30 ජූනි 2020
මේ පිළිබද අමතර තොරතුරැ පහත සදහන් විද්‍යුත් තැපැල් ලිපිනයෙන් විමසිය හැක. සියලුම රචනාද ඒ ලිපිනයටම යොමු කරන්න: patithaj@gmail.com
රචනා ඉදිරිපත්කිරීමෙදී පිලිපැදිය යුතු නියමයන් සදහා පඨිත රචනා උපදේශනය වෙත පිවිසෙන්න.
(කාටූනය: ශානිකා සෝමතිලක)