Skip links

ගව මූත්‍රා පානය කිරීමෙන් කොල්කටා වැසියෙක් රෝගී වේ

(චායාරූප මූලාශ්‍රය: ස්ක්‍රෝල් වෙබ් අඩවිය, 2020 මාර්තු 18)

කොල්කටා  පොලීසිය විසින් භාරතීය ජනතා පක්ෂයේ (BJP) නායකයෙකු වන, නාරායන් චැටර්ජි අත්අඩංගුවට ගෙන ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමේ තරගයක් සංවිධානය කිරීම නිසාය.  2020 මාර්තු 18 වන බදාදා ‘ප්‍රෙස්  ඔෆ් ඉන්ඩියා’ (PTI) පුවත් සේවයට අනුව, ඔහු මෙය සංවිධානය කර ඇත්තේ ගව මූත්‍රා පානය කිරීමෙන්  කොරෝනා වයිරසයෙන් මහජනතාවට ආරක්ෂා වීමට හැකියාව ලැබේ යයි පවසමිනි.

ඔහු උතුරු කොල්කටාවේ ජෝරසංකෝ ප්‍රදේශයේ භාරතීය  ජනතා පක්ෂයේ ක්‍රියාකාරියෙකු වන අතර, ගවයන් පිදීම සදහා වැඩ සටහනක් පසුගිය සදුදා සංවිධානය කර, එහිදී පානය කිරීම සදහා ගව මූත්‍රා බෙදා දී ඇත. එහිදී මූත්‍රාවල ඇති ප්‍රාතිහාර්යාත්මක වටිනාකම පිලිබදව ඔහු උදම්අනා ඇති අතර, අවට සිටි කිහිප   දෙනෙකුටම එය පානය  කිරීමට ද සලස්වා ඇත.

The Times of India පුවත්පතට අනුව ඒ  අවට රාජකාරියේ  යෙදී සිට ඇති ග්‍රාමාරක්ෂක නිලධාරිනියකටද ඔහු ගව මූත්‍රා පොවා ඇත. කෙසේ වෙතත්, අගහරුවදා දින පින්ටු ප්‍රමානික් යන අයෙකු රෝහල්ගතකර ඇත්තේ වමනය පිළිබද ගැටළු ඇතිවූ නිසාය. ඔහු චැටර්ජිට එරෙහිව පැමිනිල්ලක් පොලිසියේ වාර්තා කරනු ලැබුවේ චැටර්ජි විසින් තමාට ගව මූත්‍රා පානය කිරීමට සැලසුවේ එය දෙවියන්ගෙන් ලැබෙන ප්‍රසාදයක් හා එමගින්  කෝවිඩ් 19 වයිරසයෙන්  ආරක්ෂාවීමේ හැකියාව ඇති බව පවසමින් කියාය.

ප්‍රමානික්ගේ පැමිණිල්ලට අනුව කොල්කටා පොලිසිය චැටර්ජිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කරනු  ලබුවේය. ඒ, ඉන්දීය අපරාධ නීති සංග්‍රහයේ අංක 269 (ජීවිතයට හානිකර රෝග කාරක නීති විරෝධීව හා ප්‍රවේසම් විරහිතව පැතිරවීම), අංක 278 (පවතින වාතාවරනය සෞක්‍යයට අහිතකර තත්වයකට හැරවීම) හා 114 (අපරාධයක් සිදුකරන විට ඊට සහභාගී වීම) යන වගන්තිවලට අනුවය.

පොලිසියට අනුව, භාරතීය  ජනතා පක්ෂ නායකයා අත්අඩංගුවට ගනු ලැබුවේ සවස් යාමයේය. එම පක්ෂයේ බටහිර බෙන්ගාල ඒකකයේ ප්‍රධාන ලේඛම්, සයන්තන් බසු ප්‍රාන්ත ආණ්ඩුව පාලනයකරන ත්‍රිනමූල් කොන්ග්‍රෙස් පක්ෂයට මේ සම්බන්ධයෙන් දෝෂාරෝපනය  කළේය. ඔහු ‘ප්‍රෙස්  ඔෆ් ඉන්ඩියා’ පුවත් සේවය සමග පැවසුවේ, “ඔව් එයා ගව මූත්‍රා බෙදුවා තමයි.  එත් එයා  කාටවත් රවට්ටලා ඒවා බොන්න  බොන්න දුන්නේ නැහැ” යනුවෙනි. ඔහු තවදුරත් පැවසුවේ, “ඒවා බෙදන කොට එයා පැහැදිලිවම කිව්වා මේ ගව මූත්‍රා කියල. ඒවා බොන්න කියල කාටවත් බල කලෙත් නැහැ. අනෙක, ගව මූත්‍රා හානිකරයි කියල තාම කව්රුත් ඔප්පු කරලා නැහැ. ඉතින් පොලිසිය කොහොමද කිසිම පදනමක් නැතුව එයාව අත්අඩංගුවට ගත්තේ? මේක සහමුලින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධියි.”

බටහිර බෙන්ගාලයේ භාරතීය  ජනතා පක්ෂ ප්‍රධානියා වන දිලිප් ගෝශ් පැවසුවේ ගව මූත්‍රා පානයකිරීමේ කිසිදු වරදක් නැති බවත්, තමාද ගව මූත්‍රා පානය කරන බව තමන් කිසිදු පැකිලීමකින් තොරව පිළිගන්නා බවත්ය. එනමුත්, එම පක්ෂයේම වෙනත් නායකයකු වන, පාර්ලිමේන්තු මන්ත්‍රී ලෝකෙට් චැටර්ජි පැවසුවේ, මෙය “විද්‍යාත්මක නොවන විශ්වාසයක්  පමණක්” බවත් එය වහාම නතර කල යුතු බවත්ය.  

(මේ වාර්තාව මුලින්ම පළවූයේ ස්ක්‍රෝල් වෙබ් අඩවියේ, 2020 මාර්තු 18 වනදාය)

Leave a comment

This website uses cookies to improve your web experience.