පඨිත සමාජ සංස්කෘතික සමීක්ෂා අටවන වෙඵම 2010 වසරේදී එළිදක්වන ලදී. මෙහි ප්රවේශාත්මක ලිපි 4ක් ඇතුලත් විය. ඒවායේ තේමා අතරට ශ්රී ලංකාවේ සිවිල් යුද්ධයෙන් ආබාධිත සෙබලුන්ගේ මනෝ-සමාජයීය යහපැවැත්ම කෙරෙහි පුනරුත්ථාපානයේ බලපෑම; තත්කාලීන සමාජ වෙනස්වීම සමග මල්වර චාරිත්රවල ඇතිවී තිබෙන විපර්යාස; පවුල් හිංසනය හා ශ්රී ලංකාවේ ගම යන අදහස මතවාදීමය නිෂ්පාදනයක් සේ සලකන්නේ කෙසේද යනාදිය ඇතුලත් විය.
